අරමුණ හිතේ හයිය වැඩසටහන කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට උපාය මාර්ගික උපදේශයන්, සන්නාමකරණය, අළෙවිකරණය පිළිබඳ උපදේශයන් සහ ඩිජිටල් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වෙළඳපළ පිළිබඳ උපදේශනයන් ලබා දෙන අධ්‍යාපනික වැඩසටහන් ඇතුළුව නව ව්‍යවසායකත්ව අදහස් සඳහා නව්‍ය වෙලඳපොල ගවේශණයට සහය, සාර්ථක ව්‍යවසායකයන් සමඟ අද්දැකීම් හුවමාරු කරගැනීමේ අවස්ථාව හා තෝරාගනු ලබන ව්‍යවසායකයින් සඳහා පොළී රහිත ප්‍රාග්ධන පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියකි.

හිතේ හයියේ අරමුණ තරුණ ව්‍යවසායකයන් සහ දේශීය ව්‍යාපාර ජාත්‍යන්තර වෙළෙඳ පොළට ගෙන යාමට සවියක් වීමත් නව ව්‍යාපාර අදහස් ඇති තරුණ ප්‍රජාව ගෝලීය ප්‍රවණතාවන්ට එක්වෙමින් ජාත්‍යන්තර ව්‍යාපාර දක්වා ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට සම්බන්ධ කරවීමයි.


අරමුණ - හිතේ හයිය. නිර්මාණශීලී ශ්‍රී ලාංකික ව්‍යවසායක ප්‍රවේශය, දේශීය චින්තනයෙන් ගොඩනැඟුණු අපේම ව්‍යවසායක පරපුරක් බිහි කර ගැනීමේ උත්සාහය ට එක්වන්නට අයදුම්කළ දහස් ගණනක් වූ අයදුම්කරුවන් අතරේ ප්‍රථම වටේ තෝරා ගැනීම් මේ දිනවල සිදුකෙරෙමින් පවතිනවා.

අපගේ දර්ශනය

Our Vision

"Leading Sri Lankans towards an emotionally, economically and intellectually advanced future”

ශ්‍රී ලාංකිකයන් ආර්ථික සාමාජීය සහ බුද්ධිමය වශයෙන් උසස් සමාජයක් කරා මෙහෙයවීමට නායකත්වය දීම අපේ දර්ශනය යි.

අපගේ මෙහෙවර

Our Mission

Grooming young Sri Lankan entrepreneurs and developing local businesses to explore global markets

තරුණ ව්‍යවසායකයන් සහ දේශීය ව්‍යාපාර ජාත්‍යන්තර වෙළෙඳ පොළට ගෙන යාමට සවියක් වීම.