• නිර්මාණශීලී
    ශ්‍රී ලාංකිකයන්ගේ ගැම්ම


    A Purpose for the
    Creative Sri Lankan

අරමුණ - හිතේ හයිය

අරමුණ හිතේ හයිය වැඩසටහන කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට උපාය මාර්ගික උපදේශයන්, සන්නාමකරණය, අළෙවිකරණය පිළිබඳ උපදේශයන් සහ ඩිජිටල් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වෙළඳපළ පිළිබඳ උපදේශනයන් ලබා දෙන අධ්‍යාපනික වැඩසටහන් ඇතුළුව නව ව්‍යවසායකත්ව අදහස් සඳහා නව්‍ය වෙලඳපොල ගවේශණයට සහය, සාර්ථක ව්‍යවසායකයන් සමඟ අද්දැකීම් හුවමාරු කරගැනීමේ අවස්ථාව හා තෝරාගනු ලබන ව්‍යවසායකයින් සඳහා පොළී රහිත ප්‍රාග්ධන පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියකි.

read more +

අරමුණ Think Tank

අරමුණ Think Tank පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ප්‍රතිපත්ති පිළිබඳ කතිකාවතක් ගොඩ නගන බුද්ධිමය කවයක් ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකාව ගෝලීය නව ප්‍රවණතාවයන්ට මුහුණ දෙමින් සිව්වන කාර්මික විප්ලයවයට අනුගතව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීමට අවශ්‍ය රාජ්ය අංශයේ මැදිහත්වීම හා පෞද්ගලික අංශයේ බල ගැන්වීම වෙනුවෙන් බුද්ධිමය සම්පත් දායකත්වයක් ලබාදීම අරමුණ බුද්ධිමය කවය, අරමුණ Think Tank හි පරමාර්ථයයි.

read more +